සුන්දර පෙනුම රැකගන්න දේශීය වෙදකමෙන් පිහිටක්‌.....

සුන්දර පෙනුම රැකගන්න
දේශීය වෙදකමෙන් පිහිටක්‌
තරුණ වියේ තිබුණ සුන්දර පෙනුම එදා වගේම අදත් අද වගේම හෙටත් තමන්ගෙන් ඈත් නොවී තියාගන්න ඇත්තෙන්ම කවුද අකමැති. හැමදාමත් එක වගේ කෙස්‌ සුදු නොවී කළුපාටට තියාගෙන දත් එහා මෙහා නොවී සවිමත්ව සිනාසෙමින් උසට සරිලන මහතක්‌ සමඟ හැඩැති සිරුරක්‌ සමඟින්a එල්ලා නොවැටෙන හමකුත් එක්‌ක ඉන්න තියෙනවා නම් වයසට වඩා බාල පෙනුමක්‌ නිතැතින්ම ලැබෙනවානේද?
මේ කිව්ව කේශ, දන්ත, මාංශ, ඡවි හා වයඃ යන පංච කල්‍යාණය සුරැකීමට ඉදිරිපත් වුණ රූපලාවන්‍යාගාර ඕනෑ තරම්ය. ඒ පංච කල්‍යාණ වර්ණවත් කිරීමට ආයුර්වේදීය ශාකසාර සත්කාරය කෙබඳු දායකත්වයක්‌ දක්‌වනවාද කියලා අහල බලන්න අද වෙදැදුරු පිටුව සමඟ සම්බන්ධ කරගත්තේ බියගම රුවන වෛද්‍ය මධ්‍යස්‌ථානයේ රුවන් දහනායක වෙද මහතාය.
වෙද මහත්තයෝ අද හුඟක්‌ දුවා දරුවන්ගේ තට්‌ටය පෑදෙන තරමටම කෙස්‌ හැලෙන්නේ ලෙඩක්‌ නිසාවත්ද?
නෑ. ඇත්තෙන්ම හැමදාමත් දවසකට අපේ කෙස්‌ ගස්‌ 5-10 ක්‌ අතර ගණනක්‌ හැලෙනවා. දවසකට කෙස්‌ ගස්‌ 15 කට විතර වැඩියෙන් හැලෙනවා නම් ටිකක්‌ සැලකිලිමත් වෙන්න ඕනේ. බොහෝ වෙලාවට අද සමහර රැකියාව සමඟ පළඳන හිස්‌ වැස්‌මත් තවත් සමහරෙක්‌ හෙල්මට්‌ පැළඳීමත් නිසා හිසෙහි සම වියළීම නිසා කේශ මූලයන්ට හානි වීමෙන් කෙස්‌ හැලෙන්න ඇති ඉඩකඩ බොහෝය. ඊට අමතරව පීනසත් මේකට රුකුල් දෙනවා. අද වෙන කොට නානාප්‍රකාර හෙයා ක්‍රීම් ජෙල් හා ඩයි වර්ගත් හේතුවක්‌ වෙලා. තවත් සමහරක්‌ දරුවන්ට සමහර රෝගවලින් බේරාගන්න විදපු සමහර බේත් නිසා හිසකෙස්‌ විතරක්‌ නෙමේ රෝම කූපයක්‌වත් නැති තරමට වුණ අබැද්දිත් නැතිව නොවේ. ඇහැබැම රහස්‌ ප්‍රදේශ සියල්ලෙහිම රෝම හැලුණු අවස්‌ථාත් තියෙනවා. ඒත් බය වෙන්න දෙයක්‌ නෑ. ඒ හැම අවස්‌ථාවක්‌ම පාරම්පරික බේත්වල පිහිටෙන් ජයගත්තා. ඒ ගැන අපි අද සතුටු වෙනවා.
හිසකේ හැලීම වගේම තවත් සමරෙකුගේ කවාකාරව හිසකේ ගැලවුණ අවස්‌ථාද හඳුනා ගන්නවා. සමහරෙක්‌ උඳුගොව්වන් කාලා කියලත් කියනවා. රැවුලත් කාසියක හැඩයට රවුමට ගැලවෙන අවස්‌ථා දකින්න තියෙනවා. ඒ තැන්වල මොන ක්‍රමයකින්වත් රැවුල වැවෙන්නේ නැතිව ළතවෙන අය ඉන්නවා. සමහරෙක්‌ උඳුගොව්වා කියල සතෙක්‌ නෑ කියලා තර්ක විතර්ක ගේනවා. ඒ තර්ක කොහොම වෙතත් එදා ඉඳලම ඒ වගේ වෙලාවට සීයලා කරපු වෙදකම අදත් අපි කරන්නේ කළ පුරුද්දෙන් දැක පුරුද්දෙන් පළපුරුද්දෙන්. අදටත් ඒ වෙදකම වැරදිලා නම් නෑ.
දියණියන්ගේ කෙස්‌ අනවශ්‍ය විදියට හැලෙන්න ඇඟේ තියෙන උෂ්ණාධිකකමත් හේතුවක්‌ වෙනවා. ඒ වෙලාවට ඊට ගැළපෙන චිකිත්සාවක්‌ එක්‌ක ඔය අපේ පාරම්පරික වට්‌ටෝරු අනුව හින්දවා ගත්ත තෙල් ටිකක්‌ දැන්මම අහවරයි. මේවා නිකම් සුවඳ කවපු පොල්තෙල් නෙවේ. ගහේ කොළේ ඉස්‌ම අරන් බොහොම අමාරුවෙන් පදමට හින්දගත්ත තෙල්. ඒවා කිසිදාක වැරදිලා නෑ.
එතකොට ඔය කියන තෙල ඕනෑම අයෙකුට සුදුසුද?
වෙද මහත්තයෙක්‌ කියන්නේ තෙලක්‌ විකුණන වෙළෙන්දෙක්‌ නෙමේ. වැරදි විදියට තේරුම් ගන්න එපා. අදාළ පුද්ගලයාගේ ශරීර ස්‌වභාවය අනුවයි ඒක තීරණය කරන්නේ. එක්‌ පුද්ගලයකුට ගැළපෙන තෙලක්‌ තවත් කෙනකුට නොගැළපෙන්න පුළුවන්. පිත අධික අයට දෙන තෙලක්‌ සෙම අධික කෙනකුට නොගැළපෙන්න පුළුවන්. ඒ හින්ද වෛද්‍ය උපදෙසක්‌ අනුවම තෙලක්‌ ගැන තීරණය කළා නම් සුදුසුයි කියලයි මම කියන්නේ. නැතිව කවුරුවත් ගෑව පලියට තමන්ට නොගැළපෙන්න පුළුවන්. ඒකට වෙදමහත්තයාට බැනලා හරියනවද?
කෙස්‌ පැහෙන එක (ඉදෙන) ගැන මොනවද ඔබතුමා හිතන්නේ.
කලට පැහෙන එක නම් බේරගන්න අමාරුයි. ඒත් අකලට පැහෙන්න නම් හේතු බොහොමයක්‌ වර්තමානයේ තියෙනවා. විශේෂයෙන් රෑ මුරවල සේවයේ යෙදෙන එකත්, අධික ලෙස නිදි වැරීමත් විශේෂයෙන් හේතුවෙනවා. බොහොමයක්‌ වෙලාවට පීනසට හරි ප්‍රතිකාරයක්‌ කළාම කෙස්‌ ඉදෙන එක ලේසියෙන් බේරගන්න පුළුවන්.
කෙස්‌ ගැන කතා කරන කොට අමතක කරන්න බැරි තවත් කාරණයක්‌ තමයි හිස්‌හොරි. කාර්යබහුල ජීවිතයක්‌ ගෙවන බොහොමයක්‌ දෙනාට හිස පිරිසිදුකරන වේලාව මදිනේ. ඒගැන නෙමේ දුක උදේට තදපාට ඇඳුමක්‌ ඇඳගෙන යන්න බැරි එක ගැන මැසිවිලි නඟනවා. වැරදිලාවත් හිස කැසුවොත් මුළුÊපිටම හිස්‌හොරි පොතුවලින් වැහෙන බව දන්නවනේ. ඒවට ප්‍රතිකාර මේ වෙදකමේ තියෙනවා. ඒවා ඉතාමත් සරලයි.
දත්මුල් දියවෙලා විදුරුමස්‌ වලින් ලේ ගලනවට එහෙමත් ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද?
පැහැදිලිව තියෙනවා. ඇඟේ උෂ්ණාධිකකමත් එක්‌ක විශේෂයෙන් කාන්තාවන්ගේ මේ දත්මුල් දියවීම බහුලයි. ඒවාට පිළියම් ඕනෑ තරම් තියෙනවා. තෝරාගත් ගස්‌වල මුල් හා පොතු කුඩු කරමින් තනාගත් දත් බෙහෙත් ටිකකින් දත් මැදලා දේශීය වශයෙන් හදාගත්තු කට සෝදන වතුරකින් සේදුවම දත්මුල් තදවෙලා හෙලවෙන එකත් නතර වෙලා විදුරුමසින් ලේ ගලන එකත් නතර වෙනවා. උදේට අතින් කටවහගෙන කථා කරන සමහරුන්ගේ නම් කටවල් අර කිව්ව විදියට විතරක්‌ කට සෝදන වතුරවලින් හෝදලා විතරක්‌ මදි. ඒ අයට බඩටත් පොඩි කසායක්‌ දෙන්න වෙනවා.
එතකොට වෙද මහත්තයෝ අධික තරබාරුකම අද මිනිසුන්ට ලොකු කරදරයක්‌ වෙලා නේද?
ඔව්. සමහරුන්ගේ ඒකාකාරී රැකියාවන් නිසා ඇඟට වෙහෙසක්‌ නොදැනී පුටු උඩ පැය ගණන් වාඩිවී හිඳිමින් ව්‍යායාම වලින් ඈත්වෙලා. ඊටත් වඩා සමහර ආහාර රටාවනුත් මේකට හේතුවෙලා. අධික තෙල් බහුල ආහාර ගැනීම හින්දා තෙල් තට්‌ටු පිටින් මාංශ පේශිවල එකතුවෙලා. ඒවා දියකරලා අරින්න හැකි ඖෂධ අපේ පරම්පරා සතුව ඕනෑ තරම් තියෙනවා. ඒ වට්‌ටෝරු ඉතා සරලයි. විශේෂත්වය ඒවා දිගු කාලීන භාවිතයෙන් වුවත් ශරීරයට කිසිම හානියක්‌ නෑ. අද හමුවෙන බොහොමයක්‌ දෙනාගේ පියයුරු කලවා උදරය ආදී තැන්වල මස්‌ එල්ලා වැටීමයි. මේවාට හැකිතාක්‌ පහසුවෙන් කළහැකි ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙමින් විසඳුම් දෙනවා.
ඔබ කිව්ව වගේ ඕනෑවට වඩා මහත අය වගේම කෙට්‌ටු අයත් ඉන්නවා. අධික ලෙස කෙට්‌ටු වෙන්න හේතුව වැඩි සැලකිල්ලක්‌ දක්‌වලා හොයලා බලලා පිළියම් යොදනවා. ඒ පිළියම් අද ඊයේ පර්යේෂණ කර හොයාගත්ත ඒවා නෙවේ. පරම්පරා ගණනක්‌ රැක ගත්ත ඒවා.
එතකොට පරම්පරා ගණනක්‌ රැකගත්තු බේත් අතරේ ඡවි කල්‍යාණය අවුල් කරන පොතු කබර වගේ ලෙඩවලටත් ප්‍රතිකාර තියෙනවද?
තරමක්‌ අමාරු රෝගයක්‌. අපේ විදියට කිව්වොත් කර්මයත් සමඟ බැඳුණු රෝග. නමුත් එහෙම කියලා ඔවුන්ගේ ඡවි කල්‍යාණය අවුල් වෙන්න ඉඩ දෙන්න බෑනේ. නිට්‌ටාවටම හොඳ කරන්න බැරි වුණත් නිට්‌ටාවට සුවවන තරමට සිත් සතුටු කරන ප්‍රතිකාරයක්‌ කරනවා. හැබැයි හිතන තරම් ඉක්‌මනට නොවේ.
මීට අමතරව සම මත වූ ලේ නහර ඉදිමී ඉලිප්පී ඇතිවන නහර ගැට ගැසීම වැනි දේත් දෙපාවල යටිපතුල්වල ඇතිවන ගල්තැලුම් වැනි විශේෂිත තත්ත්වයනුත් පහසුවෙන් පාලනය කළ හැකි ක්‍රමවේද මේ සිංහල වේදකමේ තියෙනවා. ඡවි කල්‍යාණය ගැන කතා කරන කොට ඒවාත් අමතක කරන්න එපා.
එතකොට ඔය මුහුණේ එන කුරුළෑවලට කරන පිළියම් මුහුණට ගාන බේතක්‌ විතරද?
සමහර වේලාවට මුහුණට ගාන බේතක්‌ විතරක්‌ ප්‍රමාණවත් වන වේලාවලුත් තියෙනවා. තවත් සමහර වෙලාවට ගෑම විතරක්‌ ප්‍රමාණවත් වෙන්නේ නෑ. බඩට මොනවා හරි බොන්න දෙන්නත් වෙනවා. බඩේ උෂ්ණය පාලනය කරගත්තොත් විතරයි මේ ඔක්‌කොම අපිට ලස්‌සන කරන්න පුළුවන් වෙන්නේ.
මුහුණ ලස්‌සන කරගන්න ඕනෑම නම් හැම වෙලාවෙම අපේ ආහාර පැහැවන බඩත් ලස්‌සන වෙන්න ඕනේ. නිසි කලට නිසි පරිදි ආහාර ගැනීම ඒ හින්දා ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.
නිසි අයුරින් ආහාර විගණන රටාවකට පුරුදු වුණොත් වයසට වඩා අඩු පෙනුමක්‌ එක්‌ක වයස්‌ කල්‍යාණය දනවමින් හැමදාම තරුණ පෙනුම අපව අතහැර නොයනු ඒකාන්තයි.
එදා ගැමිලියන් පාදාන්තය තෙක්‌ වැඩුණු කේශ කල්‍යාණයත් සමග මුතුවන් දත් දෙපළක්‌ ඇති කරගෙන සිනාසුණේ එල්ලා නොවැඩුණු සිහින් සිරුරක්‌ එක්‌ක මුහුණ හැමදාමත් ප්‍රබෝධමත්ව තියාගෙන අප අතර නිරෝගීව දිගු ආයුෂයක්‌ ලැබුවේ ගමේ වෙද මහතාගෙන් ලද උපදෙස්‌ අනුව නොවේද? එදා වෙද මහතාගෙන් ලැබුණේ ආයුෂ වැඩිකරන වෙදකමක්‌ මිස අද මෙන් රූපලාවන්‍යාගාර තුළ සිදුවන ආයුෂ කෙටි කරන උපදෙස්‌ ක්‍රමයක්‌ නොවන බවත් අපි සිහියේ තබාග
ත යුතුයි. වැඩි උපදෙස්‌ ලබා ගැනීමට 0716526744.
විමලසිරි අගලකඩ

No comments:

Post a Comment